පරාජය හමුවේ පිටිය මැද ගැටුණු දසුන්ට සහ මිකීට, රසල්ගෙන් පාඩමක්

පරාජය හමුවේ පිටිය මැද ගැටුණු දසුන්ට සහ මිකීට, රසල්ගෙන් පාඩමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (21) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව පිටිය මැද දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ පුහුණුකරු මිකී ආතර් අතර සංවාදක් ඇති වුණා.
එම සංවාදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් රසල් ආර්නෝල්ඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර  ක්‍රිකට් තරග විචාරකයකු වන රසල් ආනල්ඩ් පවසන්නේ ක්‍රීඩාගාරය තුළ ඇතිවිය යුතු සංවාදයක් ක්‍රීඩා පිටිය මැදට ගෙන ඒම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු විසින් නොකළ යුතුව තිබූ බවයි.

කෙස් වෙතත් එම සටහනට පිළිතුරු දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසන්නේ, දිනුම පැරදුම එකට විඳගතයුතු බවත් එයින් සෑම අවස්ථාවකම දෙයක් ඉගෙන ගත යුතු බවත්ය.

එමෙන්ම පිටිය මැදදී සිදුවූයේ ඉතා හොඳ විවාදයක් බවත් දසුන් හා මම කණ්ඩායමක් ලෙස නැගී සිටින බවත් එම පණිවුඩයේ සඳහන්.

Share This