පන්දුවාර 20-20 ලෝක ශූරතාවය පිළිබඳ කමිටු වාර්තාව ක්‍රීඩා ඇමතිට

පන්දුවාර 20-20 ලෝක ශූරතාවය පිළිබඳ කමිටු වාර්තාව ක්‍රීඩා ඇමතිට

පන්දුවාර 20-20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට භාර දී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කළ අතර මෙම වාර්තාව ලබා දුන්නේ එම කමිටුවයි.

අරමුදල් අවභාවිතාව සහ සමාජ මාධ්‍යයේ බලපෑම ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සදහන් කර තිබෙන බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Share This