නොමිලේ ඇන්ටිජන් පරීක්ෂණයක් කරගන්න තැනක්

නොමිලේ ඇන්ටිජන් පරීක්ෂණයක් කරගන්න තැනක්

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මධ්‍යස්ථානයක් අද (15) සිට බොරැල්ල කැම්බල් පිටියේදි ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන තිබෙනවා.

ඉරිදා දිනයන්හි හැර උදෑසන 9.00 සිට මධ්‍යහ්න 12 දක්වා මෙම මධ්‍යස්ථානය විවෘතව පවතිනවා.

එමෙන්ම සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ගාස්තු අය නොකරන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ.

කොළඹ මහ නගර සීමාව තුළ රැකියා සඳහා පැමිණ සිටින පිරිසට මෙන්ම තාවකාලිකව පදිංචිව සිටින ජනතාවටත් මෙම සේවය ලබා ගත හැකියි.

Share This