නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10000ට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10000ට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතියක කාලසීමාව තුළ නැගෙනහිර, උතුර, වයඹ සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10219 ක පමණ ප්‍රමාණයක් පුද්ගලයින් හා කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ නියැලෙන ඇතැම් පිරිස් විසින් සිදුකරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු හේතුවෙන් සාගරික පරිසරයට සිදු වන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු කළාපය ආවරණය වන පරිදි දිවා රාත්‍රී මුර සංචාර වැඩි කරමින් නිරන්තර අවධානයෙන් පසුවනවා.

Share This