නිවාස අමාත්‍යංශයේ සැලසුම් කර ඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවයි

නිවාස අමාත්‍යංශයේ සැලසුම් කර ඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවයි

ආහාර අර්බුදයට පිළියමක් ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කටයුතු සඳහා යොදාගැනීමට පියවර ගැනීමට තීරණය කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළා

එමෙන්ම නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයේ සැලසුම් කර ඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවීමට විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

රටේ ආර්ථික තත්ත්වය යහපත් වන තෙක් අදාළ ව්‍යාපෘති අත්හිටුවන ලෙසයි එම අමාත්‍යංශයේ යටතේ ආයතනවල ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

Share This