නිලූක සහ චාමර අද ඔලිම්පික් තරග බිමේ

නිලූක සහ චාමර අද ඔලිම්පික් තරග බිමේ

අද (26) දින  ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ චාමර නුවන් ධර්මවර්ධන (ජූඩෝ) සහ නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්) තරග බිමට පිවිසීමට නියමිතයි

කිලෝ ග‍්‍රෑම් 73 ට අඩු බර පංතිය නියෝජනය කරමින් ජූඩෝ තරගයට චාමර නුවන් ධර්මවර්ධන සහභාගී වනු ඇති

තරග සැලසුමට අනුව ඉදිරියට පැමිණ සිටින චාමර නුවන් ධර්මවර්ධන මෙම තරගයේ දී උපරිමය ප‍්‍රදර්ශනය කරනු ඇතැයි ඔහුගේ පුහුණුකරු අමල් රත්නායක මහතා අපේක්ෂා කරනවා

මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවන ඔහු නොකඩවා සහභාගි වන දෙවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙයයි

එමෙන්ම මීළඟ වටයට සුදුස්සකු වීම වෙනුවෙන් ලැබී ඇති අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට නිලූක කරුණාරත්න පස්වරු 03.50 ට තම දෙවන තරගයට ඉදිරිපත් වනවා

ඔහු එහිදී අයර්ලන්තයේ ක‍්‍රීඩකයාට එරෙහිව තරග වැදීමට නියමිතයි

 

Share This