නිරෝධායන හෝ සංචරණ නීති කඩ කළ හොත් වසර හයක් හිරේ

නිරෝධායන හෝ සංචරණ නීති කඩ කළ හොත් වසර හයක් හිරේ

නිරෝධායන හෝ සංචරණ නීති කඩ කළ හොත් වසර හයක සිර දඬුවමක් හෝ රුපියල් දස දහසක දඩයක් හෝ ඒ දෙකම හෝ නියම කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙවර නීතිය අකුරට ක්‍රියාත්මක කරන බවයි.

මේවනවිට 8747ක් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This