නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක්

නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක්

තරුණ සිනමාකරුවන් සඳහා ජාතික වේදිකාවක් සකසා දීමේ අරමුණින් 75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධානය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “ජාතික තරුණ වේදිකාව” යටතේ මෙම වැඩසටහන සැලසුම් කර ඇති අතර “අපේ අලුත් කතා” යන තේමාව යටතේ ලබන අගෝස්තු මාසයේ දී මෙම “ජාතික තරුණ චිත්‍රපට උළෙල” පැවැත්වීමට නියමිතයි.

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව සිනමාකරණය වෙත යොමු වීම සඳහා දිරිගැන්වීම, පාසල් සිසුන් හට සිනමාකරණය පිළිබඳ කලාත්මක සහ තාක්ෂණික දැනුම බෙදා දීම, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට, වඩා ආකර්ශණීය සහ යාවත්කාලීන වූ මුහුණුවරක් ලබා දීම සහ ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් “අපේ අලුත් කතා” සහිත සිනමාවක් දායාද කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

 

Share This