නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැන මෛත්‍රී කියූ දේ

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැන මෛත්‍රී කියූ දේ

 

ගොවින් මුහුණ පා ඇති ගැටලු කෙසේ හෝ විසඳා ගැනීමට කටයුතු කල යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද (20) පෙරවරුවේ හෝමාගම, ගොඩගම ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“නැනෝ තාක්ෂණයෙන් ලැබෙන පොහොර අලුත්ම විද්‍යාත්මක ක්‍රමවේදයක්. ඒක ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය මූලද්‍රව්‍යවල අංශු එකතු කරලා, අදාළ සමීකරණයකින් විද්‍යාත්මක සමීකරණයකින් කරන දෙයක්. ඒක නිසා ගොවි ජනතාවට මේ වෙලාවේ ගොවිතැන් කරන්න මොනවායින් හරි ප්‍රශ්නේ විසඳෙනවා නම් හොඳයි. ඒක තමයි අවශ්‍ය වෙන්නේ.”

ප්‍රශ්නය – සහල් සහ සීනි මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තියෙනවා.

“ඒක ඉතින් වෙළෙඳපොළ තත්ත්වයනේ. ඒවා ඉතින් උඩ යට යනවා.”

එමෙන්ම , නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉල්ලා සිටි සාකච්ඡාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර නොමැති ද බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

Share This