නාය ගිය මාර්ගය – PHOTOS

නාය ගිය මාර්ගය – PHOTOS

දිවයිනේ උසම ගම්මානය ලෙස හැඳින්වෙන, නුවරඑලිය ශාන්තිපුර ගම්මානයට පිවිසෙන මාර්ගයේ කොටසක් නායයාම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය දැඩි අවදානම් බව ප්‍රදේශවාසින් පවසනවා.

නුවරඑලිය ශාන්තිපුර , කලාපුර , හොලිපන් වත්ත , උඩ රදැල්ල ගොවිපොලට පිවිසීමට ඇති කදු සහ වංගු සහිත එකම මාර්ග වන්නේ නුවරඑලිය ශාන්තිපුර මාර්ගයයි.

ශාන්තිපුර සහ කලාපුර ප්‍රදේශවාසින් දිනපතා නිවාස වලින් බැහැර කරන කැලි කසල ඇතුළු අපද්‍රව්‍ය ,නායයාමට ලක් වූ ස්ථානයේ ගෙනවිත් බැහැර කරන බවත්, පලාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින්ද එම මාර්ගයට කඩා වැටෙන පස් රැගෙනවිත් එම මාර්ගයේ අභියසට බැහැර කිරිම නිසා මෙසේ මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම නායයාමට ලක් වී ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ චෝදනාවයි.

නුවරඑලිය ශාන්තිපුර මංසන්ධියේ සිට කදු මුදුණේ පිහිටි ඉහත සදහන් ගම්මානවල පවුල් 2500 ක් පමණ කෘෂිකර්මාන්තය ජීවන උපාය කර ගනිමින් ජීවත් වන අතර එම මාර්ගයේ පෞද්ගලික බස් රථ ඇතුළු දිනපතා විශාල වාහන සංඛ්‍යාවක් මාර්ගයේ පවතින දැඩි අවදානම සමග ධාවනය කරවන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ ශාන්තිපුර මංසන්ධියේ සිට උඩ රදැල්ල ගොවිපොල දක්වා කිලෝ මිටර් 08 පමණ දුරක් ඇති බවත්, වසරේ වැඩි කාලයක් දිවා සහ රාත්‍රි කාලයේ එම මාර්ගය ඝන මිදුමින් වැසි යන බවත්,එවැනි තත්ත්වයක් මත එම මාර්ගයේ රථ වාහන ධාවනය දැඩි අවධානම් තත්ත්වයක පවතින නිසා මාර්ගය පුළුල් කර රථ වාහන ධාවනයට මංතිරු දෙකක් වශයෙන් සකස් කර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස නුවරඑලිය ශාන්තිපුර ඇතුළු ඒ අවට ප්‍රදේශවාසින් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

Share This