නව සංවර්ධන සැලසුම් පිළිබඳව ‘පළාත් පාලන ආයතන’ දැනුවත් කෙරේ

නව සංවර්ධන සැලසුම් පිළිබඳව ‘පළාත් පාලන ආයතන’ දැනුවත් කෙරේ

නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබදව පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

දිවයිනේ පළාත් පාලන ආයතන 341 සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මෙහි පළමු වැඩමුළුව හොරණ නගර සභාව, හොරණ ප්‍රාදේශීය සභාව, බුලත්සිංහල ප්‍රාදේශීය සභාව සහ මදුරාවල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන හතරෙහි ලේකම්වරුන්, වැඩ අධිකාරීවරුන්, තාක්ෂණ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් පැවැත්වුණා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

Share This