නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 58ක ජයක්

නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 58ක ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 164ක් ලබාගත් අතර නවසීලන්තය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 580ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 358ක් පමණයි.

 

Share This