නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්

බුදුරජාණන් වහන්සේ විසින් විශාලා මහ මහනුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේ ද අද වැනි පොහෝ දිනකයි

නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම නවම් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ස්වර්ණවාහිණිය සංවිධාන කරන අමාදහර වැඩසටහන අතුරුගිරිය සීවලී අසපුව කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට පැවැත්වෙනවා

Share This