ධනාත්මකව සිතන්න -“ජුනි 14 ගැන හමුදාපතිවරයා” කියන කතාව

ධනාත්මකව සිතන්න -“ජුනි 14 ගැන හමුදාපතිවරයා” කියන කතාව

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට සජීවීව දුරකතනයෙන් යුද හමුදාපතිවරයා සම්බන්ධ කරගනිමින් 14 වෙනිදාට සංචරණ සිමා ඉවත් කරනවාද යන්න පිළිබඳව විමසා සිටියා

එහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ තවම ඒ පිළිබඳව වෙනස් තීරණයක් ගෙන නොමැති බවත් ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවත්ය

මරණ ගණන ඉහළ යාමත්, කොවිඩ් ආසාදිතයින් තවමත් ඉහළ මට්ටමක පවතින බැවින් සංචරණ සිමා ක්‍රියාත්මක වීම සාර්ථකද යන්නත් මෙහිදී විමසා සිටියා

සංචරණ සිමා නිසියාකාර ලෙස ක්‍රියාත්මක නොවූ ප්‍රදේශ කිහිපයක් වාර්තා වී තිබෙනවා .

නමුත් වාහන ගණනාවක් කොළඹට පැමිණි බව වාර්තා වුවද ජනතාව ඒකරාශිවීම් අඩු බව දකින්නට ලැබුණු බවත් සඳහන් කර සිටියා

ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කළ යුතු බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ

ප්‍රයෝගික ගැටළු මැද වුවද උපරිමයෙන් කළ හැකි පරිදි කරගෙන යන බවත් සුළු අඩුපාඩුකම් සහිත වුවද ප්‍රතිපල ලැබීම ගැන ධනාත්මකව සිතා බැලිය යුතු බව යුද හමුදාපතිවරයා පවසා සිටියා

Share This