දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි

දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි

එන්නත්කරණයට සමගාමීව දේශීය ඖෂධ භාවිතය අවශ්‍ය බවද අපගේ දේශීය ඖෂධ වලින් කිසිදු සංකූලතාවයක් හෝ පසු රෝගී තත්ත්වයක් වර්ධනය වීමක් සිදු නොවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සඳහන් කරනවා

ඒ අනුව කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදීමේ වැඩසටහන අද (24)සිට ආරම්භ කරන බවයි දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ

මෙම වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා

ඒ අනුව මෙම මංජුසාවට සුවධරණී ප්‍රතිශක්තිකරණ පානය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත විශේෂඥයින්ගේ නිර්දේශ මත සැකසූ ඖෂධ වට්ටෝරු කිහිපයක් මෙන්ම ප්‍රතිශක්තිකරණ කැඳ වර්ගද ඇතුලත් .

මෙම මංජුසාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුළ බෙදාහැරීමේ කටයුතු ඉදිරි සතියේදී ක්‍රියාත්මක කිරීමටද නියමිතයි.

කොවිඩ් 19 ආසාදයන වී සුව වූ රෝගීන් නිවෙස්වලට යෑමෙන් අනතුරුව ඇතැම් අවස්ථාවලදී මියයෑම හා සංකූලතාවයන් ඇතිවීම වාර්තාවීම හේතුවෙන් මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඒකක ආරම්භ කිරීමට සූදානම් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා

එමෙන්ම මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහල ඒකාබද්ධ කරමින් කාය රෝග විශේෂඥ වෛද්‍යවරුන් හා පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ සහය ඇතිව යක්කල ආයුර්වේද විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පළමු පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඒකකය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

එන්නත්කඑරණය සම්බන්ධයෙන් අප රට ඉතාම සාර්ථක ජයග්‍රහණයක් ලබා ඇතැයිද, ඒ සමගම එන්නත්කරණය හා සමානව ප්‍රතිශක්තීකරණ පාන වර්ග හදුන්වාදීමේ අවශ්‍යතාවය ඇති බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුව එම ප්‍රතිශක්තීකරණ ඖෂධ වර්ග සහ පාන වර්ග ව්‍යාප්ත කිරීම සදහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනවා

Share This