දෙසැම්බර් වෙනකොට බඩු මිල අඩු වෙනවලු – වෙළඳ ඇමති කියයි

දෙසැම්බර් වෙනකොට බඩු මිල අඩු වෙනවලු – වෙළඳ ඇමති කියයි

දෙසැම්බර් මාසය වන විට වෙළඳපොළේ භාණ්ඩ මිල ගණන් තවත් අඩුවනු ඇතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අතර ලොකු ලූණු මිල පාලනය කිරීම සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ආහාර ප්‍රතිපත්ති කමිටුව විසින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාත අඩු කිරීමට නිර්දේශ කල බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

පසුගිය නොවැම්බර් මස අවසානය වන විට ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සිල්ලර මිල පැවතියේ රුපියල් 290ත් 390 ත් අතර මිලකයි.

දේශිය ලොකු ලූනු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 340ත් 400 ත් අතර මිලක සටහන් වුණා.

සැප්තැම්බර් මාසයේ සිට ආනයනික ලොකු ලුණු කිලෝවක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවනු ලැබුවා.

මෙවන් පසුබිමක් තුළයි ආහාර ප්‍රතිපත්ති කමිටුව විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාත අඩු කිරීමට නිර්දේශ කර තිබෙන්නේ.

ඒ අනුව වෙළඳපොලේ ලොකු ලූණු මිල අඩුවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර වර්තමානයේ වෙළඳපෙලේ පවතින වර්තමාන තත්ත්වය සලකා බලා බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත ගණනය කර දැනුම් දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා මුදල් සහ වෙළඳ අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

කුකුල් කෑම ආනයනයට අදාළව ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සලකා බැලීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

කුකුල් කෑම මිලගණන් අධික ලෙස ඉහල යාම හා ප්‍රවාහන වියදම් වැඩි වීම බිත්තර මිල ඉහළ යාමට හේතු වු බවයි පසුගිය කාලයේ බිත්තර නිෂ්පාදකයින් පෙන්වා දුන්නේ.

Share This