දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව ජය ගනී

දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව ජය ගනී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 164ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ සමග තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීමට ලකුණු 297ක් ලබාගත යුතු වුවද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අද දිනයේ දී සියලු දෙනාම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

Share This