නෝටන් බ්‍රිජ් හි සිදුවූ බස් රථ අනතුරෙන් තවත් අයෙක් මරුට (UPDATE 01)

නෝටන් බ්‍රිජ් හි සිදුවූ බස් රථ අනතුරෙන් තවත් අයෙක් මරුට (UPDATE 01)

නෝටන් බ්‍රිජ් හි සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිරිපා වන්දනාවේ ගොස් පැමිණෙමින් තිබූ බස් රථයක් නෝට්න් බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ නම් ප්‍රදේශයේ දී මෙලෙස ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවුණා

පුද්ගලයන් දෙදෙනෙක් අනතුර සිදුවූ අවස්ථාවේදීම මියගොස් තිබු අතර 28 දෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා

……………………………………………………………………………….

Feb 20, 2023 at 08:34

දෙදෙනෙකුට මරු කැඳවමින් ප්‍රපාතයට වැටුණු ‘ මහරගම සිට ශ්‍රීපාද වන්දනාවේ ගිය’ බසයේ දර්ශන (VIDEO)

ශ්‍රීපාද වන්දනාව සඳහා ගිය බස් රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් 28 දෙනෙකු රෝහල් ගත කර ඇති බව අද (20) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන් අනාවරණය කෙරුණා.

එහිදී සඳහන් කෙරුණේ කාන්තාවන් දෙදෙනෙක් මෙම අනතුරෙන් මරණයට පත්ව ඇති බවයි.

මහරගම ප්‍රදේශයේ සිට වන්දනාවේ ගොස් ඇති මෙම බස් රථය ඊයේ රාත්‍රී 9.15ට පමණ අනතුරට ලක්ව ඇත්තේ නෝට්න් බ්‍රිජ් පොලිසියට නුදුරු ප්‍රදේශයකදීයි.

එම අනතුරේ දර්ශන පහතින් දැක්වෙනවා.

Share This