දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක (වීඩියෝ)

දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක (වීඩියෝ)

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට කියන සිද්ධියට විරෝධතාවය පළකරමින්.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ඊයේ (13) ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර යළිත් ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්වීම විශේෂත්වයක්.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ඊයේ (13) ක්‍රියාත්මක කරනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 8ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා.

එසේම වර්ජනය හේතුවෙන් ප්‍රකෝප වූ මගීන් දුම්රිය 03කට සහ දුම්රියපොළ කිහිපයකට අලාභහානි සිදුකර තිබුණා.

Share This