දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

අද (15) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ සිය වෘතීය ක්‍රියාමාර්ග අවසන් කිරීමත් සමඟ දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයට වාර්තා කර තිබූ බවයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ හදිසි වර්ජනයක් ආරම්භ කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්, පෙරේදා (13) මධ්‍යම රාත්‍රියෙන් එය අවසන් කළා.

කෙසේ වෙතත් පසුව ඊයේ (14) පෙරවරුවේ ඔවුන් යළිත්එ වර්ජනයකට ළඹුනේ සිය සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට කියන සිද්ධියට විරෝධතාවය පළකරමින්.

පසුව උපසභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය ඊයේ (14) පස්වරුවේ නවතා දැමුවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම වර්ජන හේතුවෙන් දීර්ඝ සති අන්තයේ දුම්රියෙන් ගම්බිම් බලා යාමට පැමිණි මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා.

Share This