දුම්රිය අනතුර සිදුවී දින පහකට පසුත් තම ආදරණීයයන් සොයන ඉන්දියානුවන්

දුම්රිය අනතුර සිදුවී දින පහකට පසුත් තම ආදරණීයයන් සොයන ඉන්දියානුවන්

ඉන්දියාවේ පුද්ගලයන් 275 දෙනෙකුට මරු කැඳවූ  දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් දින පහකට පසුවත් 100කට ආසන්න පිරිසක් තවමත් සොයාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔඩිෂා ප්‍රාන්තයේ දී 3,000ක් පමණ මගීන් රැගත් දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා

තුවාල ලැබූ 1000කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත රැගෙන ගොස් ඇති නමුත් බොහෝ පවුල් පවසන්නේ ඔවුන් තවමත් තම ආදරණීයයන් සොයන බවයි.

මේ සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙසයි විදෙස් මාධ්‍ය මෙම අනතුර පිළිබඳව මීට පෙර වාර්තා කළේ

ඔඩීෂා සහ වෙනත් ප්‍රාන්තවල මගීන්ගේ පවුල් සාමාජිකයන් තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු සොයමින් රෝහල්වල පිරී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

බොහෝ සිරුරු හඳුනාගත නොහැකි ලෙස හානි වී ඇති බැවින් DNA පරීක්ෂණය සිදු කරන බවත්,නාඳුනන අයගේ සිරුරු ඉදිරි දින 10ක කාලයක් සඳහා රෝහල් මෘත ශරීරාගාරයේ තබා ගන්නා ලෙසත් එරට බලධාරීන් සඳහන් කරනවා

Share This