දුම්රියට පැන සියදිවි නසාගැනීමක්

දුම්රියට පැන සියදිවි නසාගැනීමක්

මාතර නිල්වලා පාලම ආසන්නයේදී මාතර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියට පැන පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 60ක් සහ උස අඩි 05ක් පමණ වන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තවමත් තහවුරු කරගැනීමට නොහැකිව ඇති අතර සුදු අත්කොට කමිසයක් හා නිල් හා රතු පැහැති කොටු සහිත කලිසමක් හැඳ සිටි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන්නේ.

මෘත දේහය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරඇති අතර මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This