දීර්ඝ සති අන්තයේ ප්‍රතිඵලය දරුණුයි -රට යළිත් වහන්න වේ දැයි සැකයක්

දීර්ඝ සති අන්තයේ ප්‍රතිඵලය දරුණුයි -රට යළිත් වහන්න වේ දැයි සැකයක්

ගෙවීගිය දීර්ඝ සති අන්ත නිවාඩුවේදී හිතු මතේ විනෝද වූ ජනතාව අතර කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරී ඇතැයිද මෙහි ප්‍රතිඵලය තව සති තුනකින් දැකගත හැකි වනු ඇතැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

තාමත්    පෙර    මෙන්    කොවිඩ්    පොකුරක්    නිර්මාණය    නොවීම  රටේ  වාසනාවක්  වුවත්  දැනට  රට  වටින්ම  වාර්තාවන   රෝගීන්ගේ   වාර්තා   සැලකිල්ලට   ගැනීමේදී   යම්   වැඩිවීමක්   දක්නට ලැබෙන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

රටේ  ආර්ථික  හා  එදිනෙදා  ජනජීවිතය  සාමාන්‍ය  පරිදි  කරගෙන යෑමට සෞඛ්‍ය අංශ ඉඩ ලබා දුන්නේ දිගටම රට වසාගෙන  කටයුතු  කළ  නොහැකි  නිසා  යැයි  ද  වසංගතය  අවසන්  බවක්  එමගින්  තහවුරු  කළේ  නැතැයිද  ඒ මහතා සඳහන් කරනවා.

වරින්වර  රට  වසා  දැමීමේ  ආදීනව  දැන්  මුළු  රටේම ජනතාවට  අවබෝධ  වී  තිබියදී  වසංගතය  අවසන්  වූ  පරිදි  වගකීම්  විරහිතව  මෙලෙස  හැසිරීම  මත  යළි  රට  වසාදමන  තැනකට  රට  පත්විය  හැකි  බවද  ඒ  මහතා පවසනවා.

එන්නත්  ලබා  ගත්තත්  වෛරසය  ආසාදනය  වීම  සිදුවන  බව  පුන  පුනා  ප්‍රකාශ  කළත්  එම  උපදෙස්  නොතකා  කටයුතු  කිරීම  ගැන  ජනතාව  ලජ්ජාවිය  යුතු  බවයි  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

පවතින  තත්ත්වය  හමුවේ  යළි  රට  වහන  තැනකට  පත්වී  ගියහොත්  රටට  අත්වන  ඉරණම  පිළිබඳ  සිතාගත  නොහැකි  බවත්  වෛරසය  පැතිරයෑම,  ආසාදිතවීම,  ඉන්  මරණයට  පත්වීම  සැහැල්ලුවෙන්  නොතැකීම  අතිශය  වැදගත්  බවත්  විශේෂඥ  වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This