දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල – තිඹිරිවැව ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ රික්ටර් මාපකයේ 3.0ක අගයකින් යුත් සුළු කම්පන තත්ත්වයක් වාර්තා වූ බවයි එම කාර්යංශය පැවසුවේ.

එමෙන්ම කිරින්ද පලටුපාන ප්‍රදේශයෙන් ද ඊයේ (18) පස්වරු 6.46ට පමණ රික්ටර් මාපකයේ 2.6ක සුළු භූ කම්පනයක් හට ගෙන තිබුණා.

Share This