දිවංගත ඩී.ඒ. රාජපක්ෂ 55වන ගුණ සමරු දේශනය ජනපති ප්‍රධානත්වයෙන් (PHOTOS )

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ 55වන ගුණ සමරු දේශනය ජනපති ප්‍රධානත්වයෙන් (PHOTOS )

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය ඊයේ (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා

රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ

ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.

Share This