දස මසක් කුස දරා බිහි කළ කිරිසප්පයා රැකගන්න තෙල් ටිකක් හොයාගන්න බැරිවීම දෙමව්පියෝ කොහොම දරාගන්නද ?

දියතලාව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මියගිය දින දෙකක් වයසැති කුඩා බිළිඳියක් සම්බන්ධයෙන් ඇයගේ මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ ඉතා සංවේදී සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඇය මවුකිරි පානය අඩුවී සිරුර කහ පැහැ ගැනීම හමුවේ රුධිරයේ සීනි මට්ටම පහත බැසීම හේතුවෙන් නිවසේදී රෝගී වී , රෝහලට රැගෙන ඒම ප්‍රමාද වීම හේතුවෙන් මෙම බිළිඳියගේ මරණය සිදුවී ඇති බවයි.

හල්දුම්මුල්ල රෝහලට බිළිඳිය රැගෙන ඒම සඳහා පියාට ත්‍රී රෝද රථයට ඉන්ධන සොයා ගැනීමට පැයකට අධික කාලයක් ගතවී ඇති බවටයි එම වෛද්‍යවරයා සිය ෆේස් බුක් ගිණුමේ දක්වා ඇත්තේ.

හල්දුම්මුල්ල රෝහලට රැගෙන ඒමෙන් පසු දියතලාව රෝහලට මාරු කර යවා ඇති බිළිඳිය හදිසි ප්‍රතිකාර ඒකකයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැයක ප්‍රමාදයකින් තොරව ඇය රෝහලට රැගෙන ඒමට හැකියාවක් තිබුණේ නම් ජීවිතය බේරා ගැනීමට තිබූ බවද වෛද්‍යවරයා ඉතාමත් සංවේදීව සටහන් කර තිබුණා.

Share This