දර්ශන් ධර්මරාජ්ගේ දේහය අද පස්වරුවේ බොරැල්ලට

දර්ශන් ධර්මරාජ්ගේ දේහය අද පස්වරුවේ බොරැල්ලට

අභාවප්‍රාප්ත වූ මෙරට ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහය අද (2) පස්වරු 6ට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත ගෙන එන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

හෙට පස්වරු 3 දක්වා දේහය එම ස්ථානයේ තබන බවත් අනතුරුව රක්වානේ පිහිටි නිවසට රැගෙන යන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා

අති දක්ෂ රංගන ශිල්පියෙකු වූ දර්ශන් මෙරට සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය කලාවටද ඉමහත් සේවයක් ඉටු කළ අයෙක්.

අවස්ථා කිහිපයකදීම සම්මානයට පත්‍ර වූ දර්ශන් මියගොස් ඇත්තේ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන්.

මිය යන විට ඔහු 41වන වියේ පසුවුණා

Share This