දකුණු අප්‍රිකාවට උණුසුම් කාලගුණයක් -8ක් මරුට

දකුණු අප්‍රිකාවට උණුසුම් කාලගුණයක් -8ක් මරුට

දකුණු අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් කාලගුණයක් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ උණුසුම් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

උණුසුම් කාලගුණයෙන් ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් එරට රජය ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

විපතට පත් පවුල්වලට එරට රජය සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර දිවයිනේ සමහර ප්‍රදේශවල සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වයක් ඇතිව තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

උෂ්ණාධික තත්ත්වයෙන් මිදීම සඳහා ජලය පානය කිරීම, සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එරට රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This