තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 06ක් රෝහලේ

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 06ක් රෝහලේ

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 06 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.

අද උදැසන 11ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇති අතර තේ වත්තේ ගසක් මත බැඳ තිබූ බඹර කුඩුවක් ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග ඇවිස්සී බඹරුන් තමන්ට පහර දුන් බවත් , ඉන් 08 දෙනෙකු තුවාල ලැබුවද බරපතල තත්ත්වයේ සිටි කාන්තාවන් 06 දෙනෙකු පමණක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බව වතු පාලන අධිකාරිය සඳහන් කරනවා.

තේ වතු ආශ්‍රිතව විශාල රූස්ස ගස් සහ තේ පඳුරු මත මේ දිනවල විශාල වශයෙන් බඹර කුඩු බැඳ ඇති බවත් , පවතින වියළි කාලගුණ සමග බඹරුන් වරින් වර ඇවිස්සී අසල සිටින පිරිස් වලට පහර දෙන බව වතු කම්කරුවන් කියා සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

Share This