තෙවන මාත්‍රාව දීමේදී මුල් තැන වඩාත්ම අවදානම් පිරිසට

තෙවන මාත්‍රාව දීමේදී මුල් තැන වඩාත්ම අවදානම් පිරිසට

වයස අවුරුදු 20ට වැඩි සියලු ම පුද්ගලයින්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් මූලික නිර්දේශ ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණ අතර ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබෙන්නේ ,ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත මාර්ගොපදේශ සහ චක්‍රලේඛ නිකුත් කළ යුතු බවයි

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ “මේ එන්නත් තොග ලැබෙන පරිදි වඩාත් ම අවදානම් කණ්ඩායමෙන් ආරම්භ කරලා ක්‍රමානුකූලව අනෙක් අය වෙත යාම වැදගත් වෙනවා.

අන්න ඒ නිසා ම ඒ සඳහා නිසි මාර්ගෝපදේශ ලිඛිතව ඉදිරිපත් කරන තෙක් අපි ඉවසිල්ලෙන් ඉන්න ඕන. මේ මොහොතේ එවැනි තීරණයක් ගත් බව අපට සනාථ කරන්න පුළුවන්.” යනුවෙනුයි

Share This