තැලසීමියා ඖෂධ තොගයක් පාකිස්තානයෙන් පරිත්‍යාග කරයි

තැලසීමියා ඖෂධ තොගයක් පාකිස්තානයෙන් පරිත්‍යාග කරයි

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට ජීවිත කාලයටම අවශ්‍යවන තැලසීමියා ඖෂධ (Feripro Capsuales) පරිත්‍යාග කිරීමේ පළමු අදියර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කර තිබෙනවා

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම ඖෂධ නිල වශයෙන් භාරදීම සිදු කළ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ පාකිසකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙය සිදු කෙරුණු අතර මෙලෙස මාස හයකට වරක් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව නොමිලේ මෙම ඖෂධ මෙරට තැලසීමියා රෝගීන් සඳහා එම සමාගම විසින් ඉදිරියටත් ලබා දීමට සැළැසුම් කර තිබෙනවා.

Highnoon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අදීල් අබ්බාස් (Dr. Adeel Abbas ) මෙහිදී ප්‍රකාශ කළේ පකිථානය හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙල උපකාරී වන බවත්, අසල්වැසි රටක් වන ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීමට යම් පිටිවහලක් වීමට ලැබීම ඉතාම සතුටට කරුණක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා.

ඉතිහාසයේ ඉතාම දුෂ්කර අවධියකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවත් මෙම ආර්ථික අර්බුද තත්ත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයටද ප්‍රභලව බලපා ඇති බවත් කීය.අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් හිඟව පවතින අවස්ථාවක මිත්‍ර රටවල්, ජාත්‍යන්තර සංවිධාන රැසක් අප සමග සිටීම අපට මහත් ශක්තියක් යැයිද ඒ අතරින් මිත්‍ර රටවල් බොහොමයක් කොන්දේසි විරහිතව අප සමඟ අත්වැල් බැඳගෙන සිටින බවත් අසල්වැසි රටක් වන පාකිස්තානය ඒ අතරින් ප්‍රමුඛ වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම රටවල පරිත්‍යාගශීලීත්වයට ශ්‍රී ලංකා රජය හා මෙරට පුරවැසියන් වෙනුවෙන් අවංක ස්තුතිය පිරිනමන බවද මෙහිදී කියා තිබෙනවා.

Share This