තායිවාන නැව් සමාගම්වලින් සේවකයින්ට මාස 30ක වැටුප් දීමනාවක්

තායිවාන නැව් සමාගම්වලින් සේවකයින්ට මාස 30ක වැටුප් දීමනාවක්

ගෝලීය භාණ්ඩ ප්‍රවාහනයේ පසුබෑමක් තිබියදීත්, තායිවාන නැව් සමාගම් ඔවුන්ගේ සේවකයින්ට වසර මැදදී විශාල වශයෙන් ප්‍රසාද දීමනා ලබාදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Economic Daily Newsහි වාර්තාව සඳහන් කරන්නේ, Yang Ming Marine Transport විසින් පසුගිය සතියේ NT$ (New Taiwan Dollar) බිලියන 2.3ක් කොටස් හිමියන් විසින් ප්‍රසාද දීමනා ලෙස අනුමත කිරීමෙන් පසු ඔවුන්ගේ මීළඟ වැටුප් දිනයේදී සේවකයින්ට මාස 30ක වැටුපක් ප්‍රදානය කරන බවයි.

මීට පෙර, සමාගම සිය සේවකයින්ට 2023 ආරම්භයේදී මාස 12 ක වැටුපක් ප්‍රසාද දීමනා ලෙස ලබාදී තිබෙනවා.

Bloomberg වෙබ් අඩවියට අදහස් පළ කරමින් Yang Ming හෙළි කළේ සමාගමේ නීතිරීතිවලට අනුව නැව් සමාගම විසින් එහි පෙර වසරේ ලාභයෙන් සියයට 1 ක් දීමනා වශයෙන් සේවකයින්ට බෙදා දිය යුතු බවයි. කෙසේ වෙතත්, එක් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ලැබෙන මුදල සමාගමේ අභිමතය පරිදි වනවා.

Evergreen Marine නැව් සමාගමේ කොටස් හිමියන් විසින් ප්‍රසාද දීමනාව අනුමත කිරීමෙන් පසුව, එහි සේවකයන් 3,100 දෙනෙකුට තවත් NT$ බිලියන 1.9 වැටුපක් සේවකයන්ට ප්‍රසාද දීමනා ලෙස ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, Evergreen හි ශුද්ධ ආදායම මේ වසරේ 94% කින් පහත වැටෙන අතර Yang Ming සමාගමේ ලාභය 99% කින් පහත යන බව විශ්ලේෂක ඇස්තමේන්තු පෙන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This