තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා යටිතල පහසුකම් වර්ධනය කරන්න – යදාමිණි ගුණවර්ධන ඉල්ලයි

තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා යටිතල පහසුකම් වර්ධනය කරන්න – යදාමිණි ගුණවර්ධන ඉල්ලයි

පස් වැදෑරුම් පිළිවෙතක් හරහා තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කරන ලෙස, පා, ම. යදාමිණි ගුණවර්ධන මහතා, තාක්ෂණ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මවු භාෂාවට අමතරව තවත් භාෂා දෙක තුනක සාක්ෂරතාව, මුල්‍ය සාක්ෂරතාව, තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව,ජාලගත හැකියාවේ සාක්ෂරතාව සහ ඉලක්කම්වල හැකියාවේ සාක්ෂරතාව ඊට ඇතුළත්.

එමෙන්ම සීතාවක ප්‍රදේශය, තොරතුරු සන්නිවේදන සුසැඳි තාක්ෂණ නිම්නයක් (Seethawaka: IT Savvy Tech Valley) බවට පත්කර දෙන ලෙසත්, ඔහු ඉල්ලා තිබෙන බව සඳහන්.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හඳුනා ගත් ප්‍රමුඛ සටනක් වන ආහාර සුරක්ෂිතතා සටන මෙන්ම තාක්ෂණ සටනටද පිවිසිය යුතු බවයි යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

Share This