ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළෙයි, පිටුපසින් ආ මොටර් රථ දෙකත් අනතුරේ

ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළෙයි, පිටුපසින් ආ මොටර් රථ දෙකත් අනතුරේ

ගිනිගත්හේන සිට ගම්පොල දක්වා ධාවනය වි ඇති ත්‍රිරෝද රථයක්, නාවලපිටිය මිපිටිය ප්‍රදේශයේදී , ප්‍රධාන මාර්ගය හරහා පෙරලී යාමෙන් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා

අද (21) දහවල් 12 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරට හේතුව ත්‍රිරෝද රථය අධික වේගයෙන් ධාවනය කිරීම බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට ලක්වූ ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ඉදිරියට ඇදී ගොස්, උඩුදුම්බර සිට හැටන් දක්වා ධාවනය වූ කැබ් රථයක ගැටි නතර වී තිබෙනවා.

ත්‍රිරෝද රථය ගමන් ගත් දිශාවටම ත්‍රිරෝද රථයේ පසු පසින් ධාවනය වූ මොටර් රථ දෙකක් එකිනෙක ගැටි එම ස්ථානයේදීම අනතුරට ලක්ව තිබෙනවා.

Share This