තවත් වාහන කිහිපයකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළට -විදුලි බිලත් වැඩිවීමේ අවදානමක්

තවත් වාහන කිහිපයකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළට -විදුලි බිලත් වැඩිවීමේ අවදානමක්

ත්‍රී රෝද රථ සහ බස් රථ සඳහා ලබා දුන් ඉන්ධන කෝටාව වැඩි කළ ආකාරයට, ඉදිරියේදී පාසල් බස්රථ සහ කාර්යාල මගීන් ප්‍රවාහනය කරන වාහන සඳහා ද , ඉන්ධන කෝටාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා

2023 අයවැය ,කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දිනය වන අද(25) දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පවසා සිටියා

කුමන රජයක් යටතේ වුවද ඉදිරියේදී නැවතත් විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ”කවුරු මේ රටේ ආණ්ඩු කළත් නැවත මේ රටේ විදුලි බිල සංශෝධනය කිරීමට සිදු වෙනවා. එහෙම නැතිව මේ ගමන ඉදිරියට යන්න බැහැ. ලබන ජනවාරියේ සිට සංචාරක කළාප 17ක් ඉලක්ක කර ගනිමින්, එම සංචාරක කළාප තුළ අඛණ්ඩව විදුලිය ලබා දීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා ”

එළඹෙන වසරේ මැද වනවිට මෙම අර්බුදවලින් 80%ක් අඩු කර ගත හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා

සෑම වසරකම ජනවාරි ජූනි මාසවල මෙලෙස විදුලි බිල සංශෝධනය කිරීම වඩාත් සුදුසු බවත් අවසන් වරට විදුලි බිල වැඩි වූයේ 2013 වසරේදී බවත් අමාත්‍යවරයා කියා සිටියා

 

 

Share This