තවත් කොවිඩ් ආසාදිතයෙක් පැන යයි

තවත් කොවිඩ් ආසාදිතයෙක් පැන යයි

ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු රෝහල් වාට්ටුවෙන් පැන ගොස් තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ රෝගියා කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කිසියම් රෝගාබාධයක් සඳහා ඌරගස්මන්හංදිය රෝහලට ඇතුළත් වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට මාරුකර එවා තිබූ බවයි.

ඔහුට පී.සී.ආර්.පරීක්ෂණයක් ද සිදුකර ඇති අතර එම පරීක්ෂණ වාර්තාවෙන් අදාළ පුද්ගලයා ආසාදිතයකු බවට තහවුරු වූ බවයි රෝහල් වාර්තා වන්නේ

කෙසේ වෙතත් ඒ වනවිටත් අදාළ රෝගියා රෝහලෙන් පැනගොස් ඇති අතර ආසාදිතයා සොයා ඇල්පිටිය පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා

Share This