තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් මෙරට සිටිය හැකියි – සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් මෙරට සිටිය හැකියි – සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

ඔමික්‍රෝන් ආසාදිත තවත් පුද්ගලයින් මෙරට සිටිය හැකි බැවින් ඔවුන් පිළිබඳ අවධානයෙන් සිට නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ඊයේ (03) දිනයේදීත් මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 725 ක් වාර්තා වුණා.

පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 20 ක්.

ලෝකයේ සීග්‍රයෙන් පැතිර යන විකෘති ඔමික්‍රෝන කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිතයෙකු මෙරටින් ප්‍රථමවරට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ ඊයේ (03) නිවේදනය කළා.

මාරවිල, තලවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන ඇය පසුගිය 24 වැනිදා මෙරටට පැමිණ තිබුණේ නයිජිරියාවේ පැවති වැඩමුළුවකට සහභාගීවීමෙන් අනතුරුවයි.

පසුගිය 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 06 ක් සංචාරකයින්ට මෙරටට පැමිණීම තහනම් කිරීමට රජය තීරණය කළ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ ඊට පෙර මෙරටට පැමිණි පුද්ගලයන් අතර මෙම රෝගය ආසාදිත ඔවුන් සිටිය හැකි බවයි.

මේ අතර, නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් 19 රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක්දක්නට ලැබෙන බවද සෞඛ්‍ය අංශ පවසනවා.

 

 

Share This