තරුණ තරුණියන්ගේ පැමිණීමේ අඩුවක් – කොවිඩ් මර්දන එන්නත ගැන තහවුරු නොවූ ආරංචියක්(PHOTOS)

තරුණ තරුණියන්ගේ පැමිණීමේ අඩුවක් – කොවිඩ් මර්දන එන්නත ගැන තහවුරු නොවූ ආරංචියක්(PHOTOS)

මෙරට තරුණ තරුණියන් කොවිඩ් එන්නත් ලබා ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු නිසා මේ තත්ත්වය මතුව ඇති බවයි.

කොවිඩ් මර්දන එන්නත මගින් ලිංගික ශක්තිය හීන වන බවට සහ දරුවන් හැදීමේ හැකියාව නැති වන බවට පැතිර යන ආරංචි හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

ලෝකයේ කරන ලද පරීක්ෂණවලින් එවැන්නක් හෙළිව නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් සහ මෙරට කොවිඩ් පාලනය පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකි බවයි

Share This