තරගාවලියේ ජය ඉන්දියාවට

තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති තරග 03කින් යුත් 20යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට හිමි වුණා.

ඒ අද(07) පැවති අවසන් තරගයේ ජය ඔවුන්ට හිමි වීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමි වූ අතර පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 228ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ඒ පන්දු වාර 16යි පන්දු 04කදී.

ඒ අනුව අද(07) පැවති තරගයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමි වීමත් සමග 20යි 20 තරගාවලියේ ජය ඉන්දීය කණ්ඩායමට හිමි වුණා.

තරගයේ ලකුණු සටහන පහතින්.

 

 

 

Share This