තම දරුවන් ඝාතනය කළා යැයි සිරගතව සිට වසර 20කින් නිදහස් වූ කත ලොවට කියූ දේ (VIDEO)

තම දරුවන් ඝාතනය කළා යැයි සිරගතව සිට වසර 20කින් නිදහස් වූ කත ලොවට කියූ දේ (VIDEO)

තම දරුවන් සිව් දෙනා මරා දැමූ වරදට වසර 20කට පසු සමාව හිමිවූ ඕස්ට්‍රේලියාවේ Kathleen Folbigg වීඩියෝවක් මගින් අදහස් ප්‍රකාශ කර තිබෙනවා

එහිදී ඇය සඳහන් කර ඇත්තේ තමන්ට ලැබුණු නිදහස පිළිබඳව නිහතමානිව සතුටු වන බවයි .එමෙන්ම සත්‍යය ජයගත් බවයි

55 හැවිරිදි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “පසුගිය වසර 20තුළ මම සිරගෙදර සිටියේ , ඒ වගේමයි මගේ දරුවන් ගැන මම සිතනවා මගේ දරුවන් ගැන දුක් වෙනවා” යනුවෙනුයි

නිව් සවුත් වේල්ස් හි නීතිපති මයිකල් ඩේලි සඳහන් කළේ Kathleen Folbiggට කොන්දේසි විරහිත සමාව ලබා දී ඇත්තේ ඇයගේ නඩුව සම්බන්ධයෙන් මෑතදී සිදු කරන ලද පරීක්ෂණයක් හේතුවෙන් බවයි

ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් Kathleen Folbiggගේ දරුවන් ජාන විකෘතිවීමක් හේතුවෙන් ඇතිවූ හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වී ඇති බවද සඳහන් කරනවා

Share This