ඩොලර් 50,000ක් සමග අයෙක් අත්අඩංගුවට

ඩොලර් 50,000ක් සමග අයෙක් අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේ වෙළෙඳසැකලක සිටියදී සැක සහිතව සැරිසරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂා කිරීමේදී ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි අසූ දෙලක්ෂ පනස්දහසක් .

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15 අලුත්මාවත පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙක්.

මුදල් විශුද්ධ කිරීමේ පනත යටතේ ඇති නෛතික භාවය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිකඩ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

Share This