ඩොලර් පහේ නෝට්ටුව ගැන ඕස්ට්‍රේලියාව ගත් තීරණය

ඩොලර් පහේ නෝට්ටුව ගැන ඕස්ට්‍රේලියාව ගත් තීරණය

ඕස්ට්‍රේලියාවේ නව ඩොලර් පහේ නෝට්ටුවේ III වන චාල්ස් රජුගේ රූපය ඇතුළත් නොවන බව එරට මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

ඩොලර් පහේ නෝට්ටුවේ වර්තමාන සැලසුම මත දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ ප්‍රතිමුර්තියක් දිස්වන බව විදෙස් මාධ්‍ය පවසනවා .

සංචිත බැංකු මණ්ඩලයේ මෙම තීරණය ඕස්ට්‍රේලියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ගත් එකක් බවද බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

ඕස්ට්‍රේලියාවේ වෙනත් වටිනාකමක් ඇති මුදල් නෝට්ටුවක සැලසුම වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව වෙත දැනට කිසිදු සැලසුමක් නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This