ඩෙල්ටා ජපානයත් ආක්‍රමණය කරයි – තවත් කලාප  4කට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

ඩෙල්ටා ජපානයත් ආක්‍රමණය කරයි – තවත් කලාප 4කට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ දෛනික කොවිඩ් ආසාදිතයන් මුල්වරට 10,000 සීමාව ඊයේ (31) දිනයේ ඉක්ම වූ අතර මෙලෙස ආසාදිතයින් දරුණු ලෙස ඉහළ යාමට ඩෙල්ටා ප්‍රභේදය හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

වෛරස ව්‍යාප්තිය පාලනයට ඔලිම්පික් උළෙල ආරම්භ කිරීමට පෙර සිටම ටෝකියෝ සහ ඔකිනාවා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර එම ප්‍රාන්ත හැරුණු විට තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව චිබා, කනගාවා, සයිතමා සහ ඔසාකා යන ප්‍රදේශවලට මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Share This