ඩෙංගු මර්දනය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම රාජ්‍ය ආයතනවල විශේෂ වැඩසටහන්

ඩෙංගු මර්දනය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම රාජ්‍ය ආයතනවල විශේෂ වැඩසටහන්

සෑම සිකුරාදා දිනකම පාසල් මෙන්ම සියලු රාජ්‍ය ආයතන ඩෙංගු මර්දනය කිරීම සඳහා පිරිසිදු කිරීම් සිදු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එමෙන්ම මේවන විට පරීක්‍ෂා කර ඇති පාසල් අතරින් 60% ක ඩෙංගු මඳුරුවන් සහිත පරිශ්‍රයන් හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කළේ

එමෙන්ම වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 37,209 ක් වන අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සඳහන්.

ඒ අනුව බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා

ඩෙංගු මඳුරුවන් බෝ වන පරිශ්‍ර සොයා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ නිවාස හා ආයතන පරීක්‍ෂා කිරීම් අඛණ්ඩව සිදු කරනු ලබනවා.

මේ අතර ඉදිරි අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් ආශ්‍රිත පිරිසිදු කිරීම්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

විභාග මධ්‍යස්ථානවල ඩෙංගු මර්දනය සඳහා විශේෂ මාර්ගෝපදේශයක් ද නිකුත් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගත්තා

Share This