ඩීසල් මිලත් අඩු කළානම් ගස්තු අඩු කරන්න පුලුවන් – බස් සංගම්

ඩීසල් මිලත් අඩු කළානම් ගස්තු අඩු කරන්න පුලුවන් – බස් සංගම්

පෙට්‍රල් මිල පහත දැමීමට කටයුතු කළ සේම, ඩීසල් මිලත් අඩු කිරීමට කටයුතු කළේ නම් බස් ගාස්තු පහත දැමීමට හැකියාව පවතින බව බස් සංගම් පවසනවා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමත් සමග මිල සුත්‍රයට අනුව ඊයේ(01) මිල පහත දැමුවේ පෙට්‍රල්වල පමණයි.

ඒ අනුව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ සහනය ඩීසල්වලටත් ලබා දෙන ලෙසයි බස් සංගම් ඉල්ලා සිටින්නේ.

එසේ මිල පහත දැමීමක් කළ හොත් බස් ගාස්තු පහත දැමීමේ හැකියාව ද පවතින බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.

Share This