ඩීසල් කියා වතුර විකුණා 24000කටත් විද්ද දෙදෙනා අත්අඩංගුවට

ඩීසල් කියා වතුර විකුණා 24000කටත් විද්ද දෙදෙනා අත්අඩංගුවට

ඩීසල් යැයි පවසමින් මතුපිටින් ඩීසල් යොදා වතුර ලිටර් 20 බැගින් පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබාදී රුපියල් 24000 මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන බණ්ඩාරගම පොලිසියට භාරදීමට තරුණයෝ දෙදෙනෙක් පියවර ගෙන තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

කුඩා ලොරි රථයකින් වෙළෙඳසල්වලට භාණ්ඩ බෙදාහැරීමේ නිරත , තරුණයන් දෙදෙනෙකු ඊයේ (16) පෙරවරුවේ බණ්ඩාරගම රයිගම හන්දියේ වෙළෙඳ සලක් අසල ලොරි රථය නවතාගෙන සිටියදී ඔවුන් අසලට යතුරුපැදියකින් ප්ලාස්ටික් බූලියක් රැගෙන පැමිණි සැකකරුවන් දෙදෙනා ” ඩීසල් ලීටර 20 ක් තිබෙනවා ඕනද ” යන්න විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී එම තරුණයකුට ඩීසල් යැයි කියා වතුර ලබා දී සිදුකළ මුදල් වංචාව මතකයට නැගී ඇති අතර
සැකකරුවන් දෙදෙනාගෙන් මදක් ඈතට ගිය තරුණයන් දෙදෙනා කලින් දින සිදුව තිබූ ඩීසල් වංචාව පිළිබඳ ක්ෂණිකව සාකච්ඡා කර එම වංචාව සිදුකර තිබෙන්නේ මොවුන් දෙදෙනා බවට සැක පහල කර ඇති බවයි පැවසෙන්නේ

පසුව ඒවා මිලදී ගන්නා මුවාවෙන් ප්ලාස්ටික් බූලියේ තිබූ දෑ ඉවත දැමීමට කටයුතු කිරීමේ දී ඒවා වතුර බවට තහවුරු වීමත් සමගම සැකකරුවන් දෙදෙනා අල්ලා ගෙන ඔවුන් පැමිණි යතුරු පැදියද තමන් භාරයට ගැනීමට සමත් වී තිබෙනවා

එම අවස්ථාවේ දී එම මාර්ගයේ ගමන් ගත් පොලිස් නිල රථයක් දුටු තරුණයන් දෙදෙනා වහා එය නතර කර ඔවුන්ට දැනුම් දී ඇති අතර බණ්ඩාරගම පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා

Share This