ට්‍රැක්ටරයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටෙයි – ලොරිය මහ පාර මැද පෙරළෙයි

ට්‍රැක්ටරයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටෙයි – ලොරිය මහ පාර මැද පෙරළෙයි

යාපනයේ කොඩිගාමම් එලුතුමට්ටුවාල් ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ලොරිය මහ පාර මැද පෙරළී ගොස් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට භාණ්ඩ පටවා ගෙන යාපනය බලා යමින් තිබූ ලොරි රථයක මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

පොලිසිය පැවසුවේ ට්‍රැක්ටර් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.

යාපනය කොඩිගාමම් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.

 

Share This