ට්‍රැෆික් , නිවාස සහ රැකියා හිඟය , සෞඛ්‍ය ගැටළු ,.. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න… අනාගතය දුටු ප්‍රසන්න

ට්‍රැෆික් , නිවාස සහ රැකියා හිඟය , සෞඛ්‍ය ගැටළු ,.. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න… අනාගතය දුටු ප්‍රසන්න

2030 වන විට ලෝක ජනග්‍රහණයෙන් 60%ක් නාගරික ජනතාව විය හැකි බවට පුරෝකතනය කර ඇති බවත් මෙම ලෝක තත්ත්වය ශ්‍රී ලංකාවටද පොදු බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් , ඒ මහතා පවසන්නේ, මේ තත්ත්වය හේතුවෙන් අවිධිමත් ජනාවාස, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, නිවාස හිඟකම, දේපොල අයිතියේ ගැටළු, වාහන තදබදය, වායු දූෂණය වීම, පාරිසරික දූෂණය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, රැකියා සහ භූමිය සීමිතවීම ආදී ගැටළු රැසකට ඉදිරියේදී ලෝක ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට ද මුහුණදීමට සිදු වන බවයි.

නාගරිකරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ගැටළුවලට මුහුණ දීමට සිදුවන හෙයින් පෙර සූදානමකින් යුතුව කටයුතු කිරීම හරහා ඉදිරියේ ඇතිවිය හැකි ගැටළු අවම කිරීමේ අපේ මූලික පරමාර්තයද බවද එහි සඳහන්.

මේ නිසා විධිමත්, ප්‍රමිතිගත ආකාරයෙන් නිවාස ඉදිකිරීම මෙන්ම අවිධිමත් ජනාවාස විධිමත් කිරීමට මූලිකත්වය දිය යුතුව තිබෙනවා.

මෙම ගැටළුව හදුනාගනිමින් කොළඹ නාගරික අඩු පහසුකම් ජනතාවට ප්‍රමිතිගත මහල් නිවාසයක ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ වැඩසටහනක් ආරම්භකර ඇති බව එම පණිවුඩයේ සඳහන්.

2010 වසරේ සිට ක්‍රමාණුකූලව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන හරහා මේ වන විට පවුල් 7619කට විදිමත් ජනාවාසයක ජීවත්වීමේ අවස්ථාව උදාකර තිබෙනවා.

2022 වසර අවසාන වන විට තවත් පවුල් 20192කට විදිමත් ජනාවාසයක ජීවත් වීමේ පරිසරය සැකසීමට සැලසුම් සකස් කර ඇති.

මීට සමගාමීව අනෙකුත් ප්‍රදේශවල නාගරික කළාප තුළ වෙසෙන අඩු පහසුකම් ජනාවාසවල ප්‍රජාව වෙනුවෙන් ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මේ සියල්ල සිදුවන්නේ ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට විසදුම් සොයන අතරේයී.

ඒ අනුව ආර්ථික අර්බුදයට ස්ථිරසාර විසදුම් ලබාදීමට සමගාමීව ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඇතුළු අනෙකුත් සේවා හා පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා.

“වෙනසක් නොකරමු,කිසිවකු හෝ කිසිතැනක් අත්නොහැර රැක ගනිමු “ යන තේමාව යටතේ මෙවර 2022 ලෝක ජනාවාස දිනය සැමරෙන බවද එහි සඳහන්.

Share This