ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව FIFA නොහොත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති කඩ කිරීම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටවූ බවයි.

එය ඊයේ(21) සිට බලපැවැත්වෙනු ඇති.

මෙම තහනමට අනුව කිසිදු ජාත්‍යන්තර තරගයකට එක් වීමට හෝ එහි නිල කටයුත්තකට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

Share This