ජපානයේ වෙඩි තැබීමකින් සහ පිහි ඇනුමකින් සිව් දෙනෙක් මරුට

ජපානයේ වෙඩි තැබීමකින් සහ පිහි ඇනුමකින් සිව් දෙනෙක් මරුට

ජපානයේ වෙඩි තැබීමකින් සහ පිහි ඇනුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ

නාගානෝ ප්‍රාන්තයේදී ප්‍රහාරකයා කාන්තාවකට පිහියෙන් ඇන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා තිබෙනවා .

සිව්වන මරණය පසුව තහවුරු වී ඇති අතර ඇය වයෝවෘද්ධ කාන්තාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සැකකරු ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ 31 හැවිරිදි පුතකු වන Masamichi Aoki ලෙසටයි එරට පොලිසිය සඳහන් කරන්නේ.

ඔහුගේ චේතනාව පැහැදිලි නැති බවත් කාන්තාවට පිහියෙන් ඇනීම පිළිබඳව සැකකරුගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ “මට අවශ්‍ය නිසා මම ඇයව මැරුවා” යනුවෙනුයි

 

Share This